
1818 සිංහලේ විමුක්‌ති අරගලය පරාජය වූ මොහොතමරක්‌කල මිනිසුන්ගේ රාජපාක්‍ෂික භාවය උතුම්කොට සලකන බවත් එයට ප්‍රතඋපකාර වශයෙන් ඔවුන්ට විශේෂ සැලකිලි දක්‌වන බවත් පළකරමින් රොබට් බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරතුමා විසින් නිකුත් කල මුල් ආඥපත්‍රයේ ඡායාරූපයක්‌මොනරවිල කැප්පෙටිපොල අදිකාරම්තුමා ඉංගී්‍රසීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එක්‌දහස් අටසිය දහඅටේ ඔක්‌තෝබර් මස විසි අට වනදා සත් කෝරළයේ පරවහගම වලව්වේදීය. ඒ උඩරට කැරැල්ලට නායකත්වය දෙමින් බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවට එරෙහිව යාම නිසාවෙනි. 1815 වසරේදී ඉංගී්‍රසි කිරීටයට රට භාරදුන් සිංහල රදළවරු පුරාණ සම්ප්‍රදායය අනුව ආණ්‌ඩුව පවතී යෑයි සිතූහ. නමුත් එය එසේ සිදු නොවීය. දිනෙන් දින නිලමේවරුන්ගේ බලතල අඩුවන්නට විය. එසේම බුද්ධ ශාසනයට...