
මරක්‌කල මිනිසුන්ගේ රාජපාක්‍ෂික භාවය උතුම්කොට සලකන බවත් එයට ප්‍රතඋපකාර වශයෙන් ඔවුන්ට විශේෂ සැලකිලි දක්‌වන බවත් පළකරමින් රොබට් බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරතුමා විසින් නිකුත් කල මුල් ආඥපත්‍රයේ ඡායාරූපයක්

බලගතු ඉංගී්‍රසි ආණ්‌ඩුවට විරුද්ධව ඇති කළ කැරැල්ලක් ලෙසට පෙනුණ ද මේ අරගලය සන්සිඳවීම ලෙහෙසි පහසු නොවීය. ඊට ප්‍රබල හේතුවක් වූයේ කැප්පෙටිපොළ අදිකාරම්තුමා ගත් නායකත්වයයි. එහිදී භාවිත කළ යුද්ධ උපක්‍රම ආදිය නිසා ඉංගී්‍රසි ආණ්‌ඩුව බියට පත් විය. ආණ්‌ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් නිකුත් කළ ආඥ පත්‍රවල මේ බව සඳහන්ව ඇත. සිංහල නායකයන් මැනවින්a සංවිධානය වී අවි ආයුධ තනමින් යුද්ධයට මුහුණ දුන් ආකාරය ගැන සඳහන් කරන විලියම් ඔනීල් නම් නිලධාරියා දක්‌වන මේ අදහසින් ඒ බැව් තහවුරු වෙයි. "අද පස්‌වරු තුනට පමණ පිලිමතලව්වේ සහ කැප්පෙටිපොළ අල්ලා ගත් බව ඔබතුමන්ට සැළ කළ හැකි වීම ප්‍රීතියකි. අද අලුයම හතරට පමණ පුලියන්කුලමෙන් පිටත්ව ගම් හතරක් ඉක්‌ම ගමන් කිරීමෙන් පසු ගස් රුප්පාවක වූ ඔවුන්ගේ මුරපොළ හමු විය. ඉන් පසු මම මුළු භට පිරිස සමග හැකි තරම් නිශ්ශබ්දව කුඹුරු හරහා ගොස් අප උත්සාහයේ පරමාර්ථය ඉෂ්ට කරගත් බව කීමට කැමැත්තෙමි. ඔවුන්ගේ අනුචරයෝ හැමදෙනම විශිෂ්ට යුද්ධායුධ කම්මල් විස්‌සක් හා යුද්ධෝපකරණ රාශියක් හැරදමා පලා ගියේය. මේ යුද්ධෝපකරණ විනාශ කරනු ලැබේ. කුඩා ගෙන්දගම් මල්ලක් හා යුද්ධායුධ මම ගෙන එන්නෙමි. කැප්පෙටිපොළ පිළිමතලව්වේට එක් වූයේ අද උදේ බවත් දුම්බරින් පිටත් වූයේ විසි දිනකට පෙර බවත් කියයි."

ලන්දේසීන් විසින් රටින් පන්නා ගන්නට උත්සාහ කොට තිබූ මේ මරක්‌කල ජන සමූහය මුහුදුබඩ වෙළෙ¹මෙන් වැඩි කොටසක් අත්පත් කර ගෙන තිබිණි. පුත්තලම වැනි පෙදෙස්‌වල ඉඩකඩම් ද සන්තක කර ගෙන තිබිණි. නමුත් ඔවුන්ට ලන්දේසීන්ගෙන් නම් විසුමක් නොවීය. එහෙත් වර්ෂ 1796 දී ඕලන්දයන්ට ලංකාව හැර දමා යැමට කරුණු සිදුවූයෙන් මේ බලපෑම තවදුරටත් කළ නොහැකි විය.
ඉංගී්‍රසි ආණ්‌ඩුවේ නිලධාරීන් චාටුවෙන් වසඟ කරගත් මේ මරක්‌කලයන් ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට වැඩි කලක් ගත නොකළේය. ඌව වෙල්ලස්‌ස තනතුරකට හඡ්ජි නම් මරක්‌කලයකු පත් කිරීමට ඉංගී්‍රසි ආණ්‌ඩුව ගත් තීරණය සිංහලයන් කුපිත කරවන්නක් විය. මේ හඡ්ජි මුහන්දිරම් ලවා ඔත්තු බැලවීමටත් ඒවා වාර්තා කර ගැනීමටත් නිලධාරීන්ගේ බලාපොරොත්තු විය. හඡ්ජි එය අකුරටම ඉටු කළේය. නමුත් ඔහු වෙල්ලස්‌සේ පින්නවැල්ලේදී බූටෑවේ රටේරාළට අසුවී සිරගත කරන ලද්දේය. හඡ්ජි බේරා ගන්නට ගිය බදුල්ලේ දිසාපති විල්සන් හටද මැරුම් කන්නට සිදු විය. මේ නිසා මරක්‌කල ජනතාව සිංහලයන්ට විරුද්ධව දිගින් දිගටම ක්‍රියා කළ බව පෙනීයයි. මණිබඩුකාරයකු ගේ වේශයෙන් ගම්වල සැරිසරමින් කැප්පෙටිපොළ සිටි දිශාවට ඉව අල්ලමින් ගිය එක් මරක්‌කල ඔත්තුකරුවකුට දිනක් සත් කෝරළයේ පරවහගම වලව්වේ පැවති රාත්‍රී උත්සවයක් දැක ගන්නට හැකි විය. එය ශාන්තිකර්මයක් නොහොත් තොවිලයක් විය. මණිබඩු විකුණන මුවාවෙන් වලව්වට පිවිසෙන ලද නමුත් වලව්වේ සිටි ගැහැනුන්ගෙන් ඔහුට විසුමක් නොවීය. මේ නිසා සිදු වන්නේ කුමක්‌දැයි කියා බැලීමට මේ මරක්‌කලයා වලව්ව අසල කැලයක සැඟව බලා සිටියේය. පරවහගම වලව්වේ සිටි කුමාරිහාමි කැප්පෙටිපොළ අදිකාරම්තුමාට ඥති සහෝදරියක් වන මඩහපොල වලව්වේ කුමරියක් විය. මේ ඔත්තුකරු පරවහගම වලව්වට පැමිණියේ ද මේ නිසාය. සවස හයහමාරට පමණ කැලයෙන් මතුවූ කණ්‌ඩායමක් වලව්ව දෙසට පැමිණියේය. ඒ අතර රෝගාතුරව සිටි පිළිමතලව්වේ ද කැප්පෙටිපොළ ද විය. මණිබඩු ටික පැත්තකින් තැබූ මරක්‌කලයා ඒ වනවිට පුලියන්කුලමට ළඟාව සිටි ලෙµaටිනට් ඔනීල් නම් ඉංගී්‍රසි නිලධාරියා හමුවට පැමිණ කාරණය සැළ කර සිටියේය.
යුද්ධය අසීරු වන බව කැප්පෙටිපොළ දැන සිටියේය. එහෙත් තමන්ට හිතවත් ව සටනට එක්‌ව සිටින පිරිස අමාරුවේ දැමීමට හෙතෙම කල්පනා නොකළේය. ඒ නිසා රටේ විවිධ පළාත්වලට ගොස් සටනට අවශ්‍ය සේනා සංවිධානය කර ගැනීමට ඔහු උත්සුක විය. ඒ අනුව සත් කෝරළේ මානෑවේ සිටි ඥතීන් හමුවටද ඔහු පැමිණියේය. එහි රජ ගම්මැද්ද හා මැද ගම්මැද්ද යනුවෙන් ගම් දෙකක් විය. මේ ඥතීන් සිටියේ මැදගම්මැද්දේය. නමුත් කැප්පෙටිපොළ එහි පැමිණෙන විට ඉංගී්‍රසීන්ට මේ ඉව වැටුණි. කපිතාන් ඡේ. ප්‍රෙසර් නම් නිලධාරියා භට සේනාවක් ගෙන මානෑව බලා පැමිණෙන බව කලියෙන්ම දැන ගත් නිසා මානෑවේ සිටි පිරිස පරවහගම වලව්ව තෙක් පසුබසින්නට තීරණය කළහ. කෙසේ වෙතත් මරක්‌කල වෙළෙන්දා එදා ඔත්තු සැපයීම නිවැරැදිව නොකළේ නම් කැප්පෙටිපොළ අල්ලා ගැනීම ලේසි නොවන්නට ඉඩ තිබිණි. මෙලෙස බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවට පක්‍ෂපාතීව ඔත්තු සැපයීම නිසා 1820 දී මේ මරක්‌කලයන්ට හා උඩරට පළාත්වල සිටි මොහොමදිය වෙළෙන්දන්ට පුරවැසිකම ලබා දෙන්නටද ඉංගී්‍රසීන් කටයුතු කළහ. වර්තමාන මුස්‌ලිම් ව්‍යාප්තියේ ඇරඹුම එතැනයි.
මතුගම සෙනෙවිරුවන්
http://www.divaina.com/2014/05/12/mano01.html
0 comments:
Post a Comment