අපගේ දැක්ම මුල්කරගත් කාර්යන් වනුයේ

අපගේ දැක්ම 
  අනාගත සිංහල බෞද්ධ පරපුරක් උදෙසා  දිවි හිමියෙන්  කැප වී ක්‍රියා ක්‍රියාකිරීම .  
       අපගේ දැක් මුල්කරගත්  කාර්යන් වනුයේ

    1. සිංහල  බෞද්ධ රාජ්‍ය වෙනුවෙන් සෘජුව පෙනී සිටීම.1815 දී සිංහල  ප්‍රධානීන් ඉංග්‍රීසීන්ට ගිවිසුම් මගින් පවරා ගත් සිංහල රාජ්‍ය 1948 දී සිංහල අනුප්‍රාප්තිකයින්ට නොලැබුනු බව අවධාරණය කිරීම.
    2. බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කිරීම පිළිබඳ ආණඩුක්‍රම ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදනය වඩාත් සංවාදයට භාජනය කිරීම හා අර්ථ නිරූපනය කිරීමට අධිකාරීත්වයන්ට බලපෑම් කිරීම බෞද්ධ අයිතිවාසිකම් ප්‍රතිස්ථාපනය කිරීමට අබෞද්ධ ක්‍රියාකාරකම් බලපෑමක් වී ඇත්නම් ඒවා සීමාවන් ලෙස නොගෙන ඉවත් කිරීමට බලපෑම් කිරීම.
    3. වර්තමානයේ සියලු බෞද්ධයින්ට ඇති අභියෝග හදුනා ගැනීම .බෞද්ධ විරෝධී කුමන්ත්‍රණ ජාතියට හෙලි කිරීම හා අධිකාරීත්වයන්ට ඒ පිළිබඳ අවධානය යොමු කරවීම.
    4. සිංහල ඉඩම් කොල්ලකෑමල බලහත්කාරයෙන්  අන්‍යාගම් වලට හරවා ගැනීම. ජාතිය විනාශ කිරීමට නොයෙකුත් කුමන්ත්‍රණ සිදු කිරීම පුරාවස්තු හා බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීමට එරෙහිව ක්‍රියා කාරකම් සංවිධානය කිරීම.
    5. සිංහල බෞද්ධයාට එරෙහිව අධිරාජ්‍යවාදීන් ගොඩනැගූ යටත් විජිතවාදී නීති  හා  අණ පනත් මෙන්ම අසිංහල අබෞද්ධ බලවේග වලට අනුග්‍රහ පිණිස ඉංග්‍රීසින් පැනවූ නීති හා අනපනත් වහාම  අහෝසි කොට එකම නීතියකට රට ගෙන ඒමට බලපෑම් කිරීම.
    6. අසිංහල අබෞද්ධ සම්ප්‍රදායන් හා ක්‍රියාකාරකම් තුලනාත්මකව හැදෑරීමට සහ විමර්ශනය කිරීමට අවස්ථාව සැලසීම සහ ඒවා බෙදා හැරීම.
    7. අනෙකුත් සිංහල බෞද්ධ සංවිධාන සමග කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම ජාතිය දැනුවත් කිරීමේ සංවිධානයක් අරමුණු කරා ලගාවීමට අදාළ මට්ටම්වලද එම සංවිධාන වල සහයෝගය ලබාගැනීම.
    8. යටත් විජිත සමයේ ස්ථාපනය කරන ලද  අද අන්යාගමිකයින්ගේ බළල් අත් බවට පත්ව අති බෞද්ධ කේන්ද්‍රීය මද්‍යස්ඨාන නැවතත් සිංහල බෞද්ධ කටයුතුවෙනුවෙන්ම පමණක් මෙහෙයවීම සදහා ජනතාව දැනුවත් කිරීම.
    9. ආගම් වාද පැවැත්වීමෙන් පංච මහා වාද වලින් නැගුන සිංහ නාදය නැවත ප්‍රති නිර්මාණය කිරීම.
    10. තුලනාත්මක ආගමික අද්‍යනය සදහා අවස්තාවන් ප්‍රතිනිර්මාණය කිරීම.
    11. ව්‍යාජ සර්වබලදාරීන්ට බියවද්දා මිනිසාව සතර අගතියට යවන මනෝභ්‍රාන්තයන් හෙළිදරවු කිරීම.
    12. ව්‍යාජ සර්වබලදාරීන්ට බියවද්දා මිනිසාව සතර අගතියට යවන මනෝභ්‍රාන්තයන් හෙළිදරවු කිරීම.
    13. සිංහල නීතිය ගැන කතිකාවතක් ඇතිකර ජනතාව අවදි කරලීම.
    14. සිංහල නීතියට යටත්ව සිංහලයින් ලබාගත් නින්දගම් වලට හිමිකම් පෑම.
    15. විශ්ව සහෝදර සංකල්පයක් ඇතිකර බුදුදහම ලෝක බෞද්ධ ප්‍රජාව සහ විදෙස් ගත සිංහලයින් සංවිධානය කිරීම .

0 comments:

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | cheap international calls