Monday, May 4, 2015

වාරියපොල සුමංගල හිමියන්ගෙන් පණිවුඩයක්


“”””’’
බොලව් සිංහලයිනි ..  මේක සිංහල අපේ රට... !

මේ මහ පොළවේ අපටයි කියලා තියෙන්නේ මෙච්චරයි බොලව්…..!
ඒකත් අරුන්ටත් අයිතියි, මුන්ටත් අයිතියි කියනකං කට ඇරගෙන බලා ඉන්නේ ……...
            තොපිට මතක නැදද මං එදා 1815 මාර්තූ 02 වෙනි දා මහනුවර දළදා මාළිගාව ලඟ මඟූල් මඩුව ඉස්සරහ දී, උන්ට රට භාර දෙන්නට ගිවිසුම අත්සන් කරන්නටත් ඉස්සරවෙලා උන්ගෙ කොඩිය දාලා තිබුන වෙලාවේ ඔය මහ ලොකූ ඉංග්‍රීසි හමුදාව පඩේකටවත් ගනන් ගන්නෙ නැතිව, කෑ ගහලා කී දේ.., කෑ ගහලා කල දේ..
තවමත් ගිවිසුම අත්සන් කොරලා නිම කොරලා නෑ බොලව්  , තවම මේ රට අයිති සිංහල අපට, එහෙම කියලා, අසික්කිත කමට පර සුද්දා ඔසවලා තිබූ කොඩිය බිමට ඇදළදාලා, සිංහලේ අයිතිය සිංහලයන්ට බව පෙන්වන්න සිංහල අපේ සිංහ කොඩිය එසෙව්වා ..
අදට හරියටම අවුරුදු 200 කට පස්සෙ ආයෙමත් ඒක කියන්න වෙලා තියෙනවා බෙලව්, එහෙම නොකියා, එහෙම නොකර හිටියොත්, සුද්දන් කර අඹාපු මේ පාර්ලිමේන්තූ කාරයෝ මේ සිංහල අපේ රට කැබලිකර, මුන්ටයි, උන්ටයි, අරුන්ටයි, දෙනවා දෙනවාමයි .. සිංහලයින් කියා ගන්නා තොපි ඒක වැලැක්කූවේ නැත්නම් පාර්ලිමේන්තූ කාරයොයි, උන්ගේ හත්මුතූ පරම්පරාවටයි, පමණක් නොවම තොපිටයි, තොපේ පරම්පරාවලටයි වදින්නේ වැහි නැති හෙණ.
ඒ නිසා බොලව් සිංහලයිනි,
මේ සිංහල අපේ රට.. මේ මහ පොළව මත අපට ඇති එකම රට අපට නැති කර දාන්න හදන මේ වෙලාවේ ඒක රැක ගැනීම උදෙසා ජාතික මෙහෙයුමක් දියත් කිරීම වහාම කළයුතූ වෙනවා. ඒක කරන්න ස්වර්ණ හංස පදනම බලාපොරොත්තූ වෙනවා , ඒ එදා මේ සිංහල අපේ රටේ අයිතිය ලොවට කියාපාමින් මා විසින් මඟූල් මඬුවේ ඉස්සරහ සිංහල කොඩිය එසවූ දිනට අවුරුදු 200 ක් ගතවන මේ මාර්තූ 02 දින හවස් ජාමයේ දීය.
එදා 1815 මාර්තූ 02 දා උඩරට ගිවදසුම ප්‍රකාශ කරන අවස්ථාවේ එහි සිටි අදිකාරම්ලා, දිසාවේලා , මොහොට්ටාලලා, හා සූළු මුලාදෑනීන්ගෙන් පැවතගෙන එන ඔවුන්ගේ වර්තමාන පරපුරේ අය ද මඟූල් මඩුව ඉදිරියට කැඳවා, ඔවුන් ඉදිරියේ දී උඩරට ගිවිසුම කියවා, අනතූරුව ඉංග්‍රීසීන්ගේ කොඩිය දමා තිබූ ස්ථානයේ දීම මේ සිංහල අපේ කොඩිය මහත් අභිමානයෙන් ඔසවන ලෙස මා ස්වර්ණ හංස පදනමට උපදෙස් දීලයි තියෙන්නේ.
ඒ අනුව ස්වර්ණ හංස පදනම සිංහලේ දිනා ගැනීමේ මෙහෙයුම දියත් කරනු ඇති බව මට හොඳටම විශ්වාශයි.
මතක තියාගනිල්ලා, මේ සිංහලේ රැක ගැනීමට තිබෙන අන්තිම අවස්ථාවයි. ඒ නිසා මා කී පරිදි වැඩ කරපල්ලා මා දළදා මාළිගාවේ මඟූල් මඬුව පැත්තේ දොරටුව ලඟ බලාගෙන ඉන්නවා
මා

වාරියපොල සුමංගල හිමි 

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | cheap international calls