Thursday, May 19, 2011

උඩරට රාජධානියේ බිඳ වැටීම හා යළි ගොඩනැගීමේ අවශ්‍යතාව

අපගේ විශ්වාසය අනුව සිංහලේ අවසන් රාජධානිය හෙවත් කන්ද උඩරට රාජ්‍යය ඉංගී‍්‍රසින් විසින් බිඳ හෙලා තමන්ගේ පාලනයට ගන්නා ලද්දේ වර්ෂ 1815 මාර්තු 2 වැනිදා ය.  එම ඓතිහාසික සිද්ධියට දැන් වසර 191 ක් ගත වී ඇති අතර වර්ෂ 2015 වන විට වසර 200ක් සම්පූර්ණ වෙයි.  මේසා දීර්ඝ කාලයක් ගත වී ඇතත් උඩරට සිංහලයන්ගේ පාරම්පරික උරුමයන් කොතෙක් දුරට ආරක්ෂා වී ඇත්ද යන්නත් එසේ ම කුමන අයිතිවාසිකම් අහිමි වී ඇත්ද යන්නත් සලකා බලා තමන්ට නැතිවී ගී්‍ය උරුමයන් යළි ලබාගැනීම පිණිස කුමන ආකාරයකින් සටන්වැදිය යුතු ද යන්න විමසා බැලීමට දැන් කාලය එළැඹ ඇති බව මගේ විශ්වාසය යි.  මේ ලිපිය ලියන්නේ එම කරුණු පෙරදැරි කරගෙන ය.
ඒකීය හා එක්සත් ශී‍්‍ර ලංකාවක් කෙරෙහි විවාදයක් පවතින මෙවන් මොහොතක අපේ අතීතයේ පැවැති පාලන ක‍්‍රමය පිළිබඳ යම් බඳු අවබෝධයක් ලබා උඩරට රාජධානිය කරා පැමිණීම වඩාත් යෝග්‍ය බැවින් එම කාරණය පිළිබඳ කෙටියෙන් ඔබගේ අවධානය මුලින් ම යොමු කිරීමට කැමැත්තෙමි.  අප හමුවේ ඇති ඓතිහාසික සාධක සලකා බැලුවහොත් ප‍්‍රථමයෙන් ම පෙනී යන්නේ පූර්ව රාජ්‍ය අවධිය වන විට ශී‍්‍ර ලංකාවේ දේශපාලන සංවිධානයක් වශයෙන් ආරම්භ වී ඇති බව යි.  විජය කුමරු සමඟ පැමිණි ඇමතිවරුන් විසින් පිහිටුවන ලද ගම්වලින් එම දේශපාලන සංවිධානය ඇති විය.  මෙකී පාලන ඒකකවල වර්ධිත අවස්ථාව වශයෙන් සැලකිය හැක්කේ සමාජයක විධිමත් සංවිධානය යි.  එය අපි රාජ්‍ය යනුවෙන් හඳුන්වමු.  එම රාජ්‍ය තුළ ඇති වූ පාලන ක‍්‍රමය ගැන සලකන කල එය රාජ්‍ය නායකයාගේ සිට ගම්මට්ටම දක්වා පැතිරුණු පාලන කාර්යක් වූ බව පෙනී යයි.  ඒ සඳහා සෑහෙන පිරිසකගේ දේශපාලන බලය එකතු වී පාලන යන්ත‍්‍රණයක් සකස් වී ඇත.  පුරාතන ලංකාවේ මුල් ම අවධියේ පැවැතියේ අවිධිමත් පාලන ඒකකයන් ය.  මෙකී ඒකකයන් භාරව ප‍්‍රධානීන් සිටිය අතර ඔවුන්ගේ ප‍්‍රධානියා රජ වශයෙන් හැඳින්වීය.

ප‍්‍රාදේශීය පාලනය ගැන කරුණු විමසීමේ දී එවැනි ප‍්‍රධානින් ගණනාවක් සිටිය බවට සාක්ෂි හමුවේ.  මේ අතරින් බත නම් විරුදය දැරූ පිරිසක් ද වූහ.  ඔවුහු සමාජයේ නෙතෘවරුන් හෝ අනුශාසකයන් වශයෙන් කටයුතු කළහ.  මේ අතරිගමික හා පරුමක’ නම්වලින් හැඳින්වූ ප‍්‍රභූ පිරිසක් ගැන ද තොරතුරු හමුවේ.  මෙම කොටස් දෙක අතරින් ගමික විරුදය දැරූවන් සැලකෙන්නේ ගමක ප‍්‍රධානීන් වශයෙනි.  වෛදික සමයේ භාරතයේ මේ කොටස ග‍්‍රාමණී වශයෙන් හැඳින්විණ.  ඔවුහු ග‍්‍රාමීය කටයුතු සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරී පිරිසක් වූහ.  පුරාණ ලංකාවේ ජනපදවල පාලකයන් වූයේ ගමණී හෙවත් ග‍්‍රාමණින් යැයි සැලකිය හැක.  එසේ ම ලක්දිව පූර්ව රාජ්‍ය සමයේ සිට ම සමාජයේ ඉතා වැදගත් තැනක් හිමිකරගත්තා වූද සමාජයේ ඉමහත් ගෞරව සම්මානයට භාජනය වූ ද පාලක පිරිසක් වශයෙන්ිපරුමක’ යන කොටස හඳුන්වාදි හැක.  ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වූ ද සමාජීය වශයෙන් විශේෂ පිළිගැනීමකට පාත‍්‍ර වූ ද මෙම පිරිස් මුළු රට පුරා හැම ප‍්‍රදේශයක ම පාහේ පාලන බලය හිමිකරගෙන සිටිය බවට සෙල්ලිපි අයුරින් පැහැදිලි වේ.  මේ පරුමකයන් වූ කලී ප‍්‍රමුඛයන් වශයෙන් සැලකෙන විට එම පදවිය දැරූ ස්තී‍්‍රන්ිපරුමකලු’ වශයෙන් හැඳින්වින.  පූර්ව රාජ්‍ය සමයේ පටන් රාජ්‍ය පාලනයට සම්බන්ධ වී සිටි මේ පිරිස අතරින් රජකමට පත් පුද්ගලයා පසුකාලීනව මහපරුමක යනුවෙන් ද හැඳින් වූ බට සාක්ෂි ඇත.
පුරාණ ලංකාවේ පාලන තන්ත‍්‍රයේ මූලස්ථානය වූයේ ඒ ඒ ප‍්‍රදේශවල අගනගරය යි.  අනුරාධපුර රාජධානියේ අගනුවරවල් වශයෙන් අනුරාධපුරය හා පොළොන්නරුව පැවතුණු අතර රුහුණු රාජධානියේ අගනුවර වූයේ මහගම හෙවත් තිස්සමහාරාමය යි.  නැගනෙහිර ප‍්‍රදේශයේ අගනගරය වූයේ සේරු නුවර යි.  විවිධ ඒකකවලට කැඩුුණු පාලන තන්ත‍්‍රය තුළ ගම, ජනපදය, රට, දේශය වශයෙන් පාලන ඒකක දක්නට ලැබුණි.  පුරාණ ලංකාවේ රුහුණු – මායා – පිහිටි වශයෙන් ප‍්‍රධාන පාලන ඒකක තුනක් ගැන කරුණු සටහන් වේ.  මෙම ප‍්‍රදේශ පාලනය සඳහා බොහෝ විට පත් වූයේ ප‍්‍රධාන රජුට ඥාති සම්බන්ධකම් හෝ හිතවත්කම් පෑවා වූ පුද්ගලයන් බව පෙනේ.  පාලනයේ ස්වභාවය අනුව යුව රජු සෙනෙවිරත්, ඈපා – මාපා ආදී වශයෙන් නිලධාරි පිරිසක් පත්ව සිටිය හ.
මුල් අවස්ථාවේ දී පරුමක, ගමික යනුවෙන් හැඳින්වුුණු පාලක පිරිසටිරටික’ නමින් හැඳින්වුණු පිරිසක් ද එකතු වූහ.  ඔවුහු රටක් හෝ ප‍්‍රදේශයක් පාලනය කළ ප‍්‍රධානීහු ය.  මෑත කාලයේ දී රටේ මහත්තයාගේ කාර්යභාරය එදා ඔවුනට හිමි වුණා විය හැක.  ඔවුන්ගේ ප‍්‍රධානියා  ර්‍ණමහරටික” නමින් හැඳින්වින.  ප‍්‍රදේශ පාලනය ගැන සලකන විට ඇමති-අමෙති යනුවෙන් හැඳින්වුනු අමාත්‍යවරුන්ගේ ද සහාය රජුට හිමි වූ බව පෙනේ.  හතරවැනි සියවසේ වසභ රජුගේ පාලන සමයේ දී නාගදීපය හෙවත් යාපහුව ප‍්‍රදේශය පාලනය කළේ ඉසගිරිය නමැති ඇමැතිවරයකු විසින් බව වල්ලිපුරම් රන්පතින් හෙළිවේ.  කදුරු වැව හා අවුකන පාලනය කළේ මහමත නමින් හැඳිනවිූ මහඇමති කෙනෙකු විසින් බව දැක්වේ.  රෝහණ ජනපදය පසු කාලයේිරෝහණක’ නමින් හැඳින්වූ උපරාජයකු යටතේ පාලනය විය.  මෙසේ පරිපාලන ඒකක ලෙස පැවැති ප‍්‍ර‍්‍රදේශ ගණනින් වැඩි වූ අතර පාලක සංඛ්‍යාව ද ඒ අනුව වැඩි විය.  දිවයිනේ බටහිර ප‍්‍රදේශය තුළ දක්ඛිණ දේශය, උත්තර හා පච්චිම හා ප‍්‍රාචීන යන ප‍්‍රදේශත් මලය රට හා රුහුණත් වශයෙන් බෙදී තිබිණි.  රෝහණ දේශය පාලනය කළේ උප රජු ය.  පසුකාලීනව, ඔහු ඈපා යනුවෙන් ද මායා රට හෙවත් දක්ඛිණ දේශය මහයා මෙවත් ආදිපාදවරයා විසින් ද පාලනය කරන ලදි.  නාගදීපය හෙවත් යාපනය පාලනය කළ පුද්ගලයා දීපරාජ වශයෙන් හැඳින්වුනු බව ද පෙනේ.  මහනුවර අවට ප‍්‍රදේශ දෙකක් වන ගෝනාවත්ත හා බඹරගලින් සොයාගත් කි‍්‍රස්තු වර්ෂ ආරම්භයට අයත් සෙල්ලිපි දෙකක ඇති කරුණු අනුව අමණ්ඩගාමිණී අභය රජුගේ පුත‍්‍රයා වූත් මහාදාඨික මහානාගගේ මුණුබුරා වූත් ගාමිණි තිස්ස සිය ආනුගාමිකයන් ද කැටිව මලය රටට සම්ප‍්‍රාප්ත වී මහවැලි ගංතෙර ගෝනවත්ත ප‍්‍රදේශය පාලනය කළ බව පැහැදිලි ය.  බඹරගල ලිපිය පොචනි හෙවත් ප‍්‍රාචීන දිශාව භාර නාග නමැති රජ කෙනෙකු ගැන සඳහන් කරයි.  ප‍්‍රාදේශීය පාලනය ගැන තොරතුරු කොපමණවත් ඇත.  මුළු රට එක්සෙසත් කළ රජුන් ගැන සැලකීමේ දී දේවානම්පියතිස්ස, දුටුගැමුණු, මහාපරාක‍්‍රමබාහු වැනි රජුන් ගැන සඳහන් කළ හැක්කේ ඔවුන් විසින් මුළුමහත් දිවයිනේ ම පාලන තන්ත‍්‍රය ස්වකීය ආධිපත්‍යයට ගෙන ඒම නිසා ය.  අනෙක් අවස්ථාවලදී අපට දක්නට ලැබෙන්නේ ප‍්‍රාදේශීය පාලකයන් අතරේ බලය බෙදී ගිය පාලන ක‍්‍රමයකි.  මෙය ඒකීය ද – එක්සත් ද යන්න වර්තමාන දේශපාලනඥයෝ විග‍්‍රහ කර දෙත්වාෟ
මා දැන් කෝට්ටේ අවධියේ සිට මහනුවර රාජ යුගයට ළඟා වෙමි.  පෘතුගීසින්ගේ පැමිණීමත් සමඟ ම ලක්දිව රාජ්‍ය පාලනයේ මෙන්ම පරිපාලනයේ ද මහත් වෙනස්කමක් සිදු විය.  මුහුදුබඩ පළාත් ඔවුන්ගේ පරිපාලනයට නතුවූවා පමණක් නොව කතෝලික ආගම පවා රට අභ්‍යන්තර දක්වා ව්‍යාප්තව ගියේ ය.  කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල අවධියේ දී පාලනය අතින් බලන කල කෝට්ටේ රාජධානිය ද සීතාවක රාජධානිය ද කන්ද උඩරට රාජධානිය ද යාපනේ රාජධානිය ද වශයෙන් රාජධානි පැවතිිණි.  වර්ෂ 1592 දන්තුරේ සටනින් පෘතුගීසින් පරාජය කොට දොන් ජුවන් හෙවත් කොනප්පු බණ්ඩාර පළමුවන විමලධර්මසූරිය වශයෙන් මහනුවර රජවූයේ එකල උඩරට රාජ්‍යයට හිමිකම් පෑ දෝන කතිරිනා හෙවත් කරල්ලියද්දේ බණ්ඩාරගේ දියණිය වූ කුසුමාසන දේවිය ද සිහසුනේ තබාගෙන ය.  ඔහු දෙල්ගමු රාජමහාවිහාරයේ සඟවා තිබූ දළඳා හිමි මහනුවරට වැඩමවා රාජ්‍ය තහවුරු කරගත්තේ ද උඩරට නිදහස් පාලනය ශක්තිමත් කරගැනීමෙනි.  උඩරට රාජ්‍ය ගැන සැලකීමේ දී එහි ඉතිහාසය ශතවර්ෂ ගණනාවක් ඉන් ඔබ්බට යයි.  අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ වශයෙන් පැවති රාජධානි සමයන්ගෙන් ඒ බව මනාව පැහැදිලි ය.  ඒසා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් පෑ උඩරට රාජධානිය ලන්දේසින්ගෙන් පවා බේරාගැනීමට හැකි වූවත් ඉංගී‍්‍රසින් අතට පත්වූයේ 1815 මාර්තු මාසයේ දී ය.  ඉන්පසු ලංකාවට නිදහස ලැබුණේ 1948 දී ය.  ඒ වන විට උඩරට රාජධානියක් නොවීය.  අවුරුදු 133 ක් පමණ ඉංගී‍්‍රසි පාලන සමය තුළ උඩරට වැසියන්ගේ සියලු ම ජන්ම අයිතිවාසිකම් නැතිවී ගියේ ය.  ඔවුන්ගේ පාරම්පරික පරිපාලනය මෙන්ම සිරිත් විරිත් ද ඉඩකඩම් ද අධ්‍යාපනය ද ආගම ධර්මය ද ගොවිතැන ද ආදී සියල්ල විනාශයට පත්විය.  ඉංගී‍්‍රසින් ඇතිකළ වතු ආර්ථිකය නිසා සිංහලයන්ගේ ජන්ම භූමියේ අයිතිවාසිකම් පමණක් නොව ඉන්නට හිටින්නට තැනක් නැති තැන හිඟන පිරිසක් බවට පත්වූහ.  වර්ෂ 1948 නිදහස ලැබීමෙන් පසුව වුවද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාර්ලිමේන්තු ක‍්‍රමයක් තුළින් ඇති වූ පක්ෂ දේශපාලන ක‍්‍රමයෙන් හෝ පක්ෂවලට බැඳී දේශපාලනයේ නිරත වූ උඩරට ප‍්‍රදේශවල මැති-ඇමැතිවරුන්ගෙන් මෙම ප‍්‍රදේශයට සිදු වී ඇති දෙයක් නැති වග කන්ද උඩරට ප‍්‍රධාන නගරය වූ මහනුවරට පැමිණෙන කෙනෙකුට මනාව අද වුවත් පැහැදිලි විය යුතු ය.  සිදු වී ඇති එකම දෙය නම් කලින් කලට දේශපාලන පක්ෂ මාරුකරන මැති-ඇමැතිවරු ගණනාවක් බිහිවීම පමණකි.  සිදු වී ඇති සංවර්ධනයක සලකුණක් ද හෝ දැකිය නොහැක.  මුළු දිවයිනේ ම අසංවර්ධිත ප‍්‍රදේශය මහනුවර යි.
මෙවැනි පසුබිමක් යටතේ පසුගිය දා පැවැති ජනාධිපති මැතිවරණය උඩරට ජනයාගේ අන්ත ප‍්‍රපාතයට හෙළීමට තරම් කරුණු කාරණා සිද්ධ වූ අවස්ථාවකි.  මෙවැනි තත්වයක් නිදහස් ලංකා ඉතිහාසයේ කිසිදාක සිදු වී නැත.  විශේෂයෙන් කන්ද උඩරට ජනතාව මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ජනාධිපති අපේක්ෂත්වය පිළි නොගන්නේ වෙනයම් කාරණයක් නිසා නොව රුහුණේ ජනතාවගේ වර්ගවාදී හා දේශමාමක සටන් පාඨ නිසා ය.  කන්ද උඩරට ජනතාව ජීවත් වන්නේ එක්සත් ලංකාවත් තුළ ජනවර්ග කිහිපයක් සමඟ අත්වැල් බැඳගෙන ය.  රට කොටස් කර ගැනීමට ඔවුනට අවශ්‍යතාවක් නොමැත.  එහෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මැතිවරණය සමග ගෙන ගියේ ඒකීය ලංකාවක් තුළ සිංහල උරුමය පමණක් ආරක්ෂා කරගන්න අටියෙනි.  රුහුණේ සිංහල වීර ජනතාවට අවශ්‍ය වූයේ දකුණු රුහුණෙන් මහින්ද නමින් තවත් රජෙක් බිහිකිරීමට ය.  ඔහු රුහුණේ පුත‍්‍රයෙකි.  ඔහු රුහුණේ උදාවට උපන් නායකයෙකි.  ඒ සිතුවිල්ල අද මහින්ද චින්තනය නමින් කි‍්‍රයාත්මක වන්නේ සියලු සංවර්ධන කටයුතු රුහුණට-හම්බන්තොටට පමණක් එල්ල කරමිනි.  මහින්ද රාජපක්ෂ මහතා රජෙක් නොවුනත් ඔහුගේ පාලන බල ප‍්‍රදේශය හා අවධානය රුහුණට පමණක් යොමු කිරීමෙන් උඩරට ජනයා දැන් අසරණ භාවයට පත්ව ඇති සැටියක් පෙනී යයි.
දේශපාලනඥයන් මොනවා කීවත් ඒකීය හෝ එක්සත් රටක් තුළ අද සිදුවන්නේ ජාතීන් අතර සහජීවනයක් පෙන්වන රාජ්‍ය පාලන ක‍්‍රමයක් නොව ජනවාර්ගික වශයෙන් බෙදී යන පාලන ක‍්‍රමයකි.  උතුර දෙමළ ජනයාටත්, නැගෙනහිර මුස්ලිම් ජනතාවටත් කොළඹ ඇතුළු මුළුමහත් දකුණ සිංහලයන්ටත් කඳුකරයේ ජීවත්වන සිංහල-දෙමළ හා මුස්ලිම් ජනයාට වෙනම පරිපාලන ක‍්‍රමයකුත් සකස් වී ඇති ජාතිවාදී-වර්ගවාදී දේශපාලන ක‍්‍රමයකි.
මා කල්පනා කරන පරිදි උඩරට ජනයා තවත් අමාරුවේ වැටෙන්නේ කඳුකරයේ ජීවත්වන දෙමළ ජනයා නියෝජනය කරන දෙමළ දේශපාලනඥයන්ගේ සැමදා වෙනස්වන දේශපාලන ගමන නිස යි.  පසුගිය ජනාධිපතිවරණයේ දී ඔවුන් සිටියේ එක්සත් ශී‍්‍ර ලංකාවක් තුළ වුවද අද සිටින්නේ දකුණේ සිංහල ජාතිවාදීන් සමග ය.  මෙවැනි ප‍්‍රතිපත්තියකට හේතු වී ඇත්තේ අවස්ථාවාදී දේශපාලනය යි.  එබැවින් උඩරට සිංහලයන්ගේ ගමන් මග ඔවුන්ටම තීරණය කිරීමට සිදුවී ඇති බවක් පෙනේ.
අද දින අපේ රටේ පවතින දේශපාලන වාතාවරණය යටතේ උඩරට සිංහල ජනතාවට ගැනීමට ඇති එකම තීරණය වන්නේ තමන් අතින වර්ෂ 1815 දී ගිලිහී ගිය උඩරට රාජ්‍ය පාලන ක‍්‍රමය බිඳවැටී 2015 වනවිට ශතවර්ෂ දෙකක් උදාවන වන අවස්ථාවේදී උඩරට රාජ්‍යය සඳහා යළි සටන් වැදීම ය.  ඒ සඳහා 1817-18 යන වර්ෂවලදිත් 1848 දීත් ඉංගී‍්‍රසින්ට විරුද්ධව පැවැති උඩරට කැරැුල්ල ආදර්ශයට ගත හැක.  මේ අවස්ථාවේ දී රටේ හැම ජන කොටසක් ම තම අයිතිය හා උරුමය සඳහා සටන් වදින මොහොතක උඩරට සිංහලයන් තවදුරටත් නිවටයන් සේ උඩබලාගෙන සිටීමේ තේරුමක් නැත.  රාජපක්ෂ මැතිතුමන්ගේ රුහුණු පාලනයට අපි අභියෝග නොකරමු.  එහෙත් උඩරට නිදහස් පාලනයක් සඳහා අභියෝග කරමු.  හෙළ උරුමකරුවන්ට ඒ ගමන සඳහා එක් විය හැක.  එක්සත් ද – ඒකීය ද ප‍්‍රශ්නයක් පැන නොනැගේ.  ගෞරවනීය නිදහස් පාලන ක‍්‍රමයකට හා සාම්ප‍්‍රදායික ජීවන ක‍්‍රමයකට මේ මගින් කරුණු සලසා දීමෙන් උඩරට ජනතාවගේ පාරම්පරික උරුමය යළි සහතික කරමු.  ගරු ජනාධිපතිතුමනි, ඔබගේ නඩුව කියන්නට ඔබට නඩුකාර හාමුදුරුකෙනෙක් සිටින අතර අපට සිටින්නේ දළඳා හාමුදුරු කෙනෙක් පමණකි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | cheap international calls