දර්ගා ටවුන් තිදෙනා රිමාන්ඩ්
2014 ජූනි මස 13 17:04:36 | . , සුනිල් එස් ත්‍රන්තිආරච්චි,සරත් සිරිවර්ධන
පොසොන් පොහෝදා ධර්ම දේශනාවක් සඳහා වැඩම කරමින් සිටි හිමි නමකට හා එම හිමි නම කැඳවාගෙන ගිය රථයේ රියදුරුට පහර දුන් බව කියන සැකකරුවන් තිදෙනා ජුනී මස 25 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසත් ඔවුන් එදින හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා අබ්දීන් මහත්මිය නියෝග කළාය.
දර්ගා නගරයේ කන්දවත්තේ පදිංචිකරුවන් වු මොහොමඩ් අමීන් මොහොමඩ් අස්තාර්,මොහොමඩ් අමීන් මොහොමඩ් අර්ෂාන් හා මොහොමඩ් අමීන් මොහොමඩ් අපහාර් ඔවුහුය.
පහර කෑමට ලක් වු බව කියන දර්ගා නගරය කුරුදුවත්තේ ශ්‍රී විජයාරාම විහාරාධිපති අයගම සමිත හිමියන් හා රියදුරු එස් විශ්වා රෝහල් ගත කරනු ලැබ සිටිති.
http://www.lankadeepa.lk/index.php/articles/241838
10:05 PM


0 comments:
Post a Comment