9.jpg)
මඩු පල්ලිය කතෝලිකයන්ට මෙන්ම බෞද්ධයනට හා හින්දුනට ද වැදගත් වූ ස්‌ථානයකි. එහි ඉතිහාසය අවුරුදු දහස් ගණනක් ඈතට යයි. එහෙත් ඒ කතෝලික පූජනීය ස්‌ථානයක්, පල්ලියක් ලෙස නොව පත්තිනි දේවාලයක් පිහිටි ස්‌ථානයක් ලෙස ය. අපේ ඉතිහාසයේ කියෑවෙන ආකාරයට පත්තිනි අම්මා සංකල්පය ගජබා රජු දවස ලංකාවට හඳුන්වා දී ඇත. එකල, එනම් කිතුවසින් දෙවැනි සියවසේ භාරතයේ ද හින්දු ආගමක් නො වීය. හින්දු ආගම යනු කිතුවසින් හයවැනි සියවසින් පසු ශංකාරාචාර්යයන් විසින් බුදුදහම හා වෛදික ආගම එකතුකිරීමෙන් නිර්මාණය කරන ලද්දකි. ගණනාථ ඔබේසේකරලාගේ ඊනියා පත්තිනි කල්ලි ගැන කතාකිරීම හැර තවමත් පත්තිනි දෙවියන් ගැන විධිමත් අධ්‍යයනයක් කෙරී නැති බව පැහැදිලි ය. දෙවැනි සියවසේ හින්දු ආගමක් ලෝකයේ කොහේවත්...