
අපගේ විශ්වාසය අනුව සිංහලේ අවසන් රාජධානිය හෙවත් කන්ද උඩරට රාජ්‍යය ඉංගී‍්‍රසින් විසින් බිඳ හෙලා තමන්ගේ පාලනයට ගන්නා ලද්දේ වර්ෂ 1815 මාර්තු 2 වැනිදා ය. එම ඓතිහාසික සිද්ධියට දැන් වසර 191 ක් ගත වී ඇති අතර වර්ෂ 2015 වන විට වසර 200ක් සම්පූර්ණ වෙයි. මේසා දීර්ඝ කාලයක් ගත වී ඇතත් උඩරට සිංහලයන්ගේ පාරම්පරික උරුමයන් කොතෙක් දුරට ආරක්ෂා වී ඇත්ද යන්නත් එසේ ම කුමන අයිතිවාසිකම් අහිමි වී ඇත්ද යන්නත් සලකා බලා තමන්ට නැතිවී ගී්‍ය උරුමයන් යළි ලබාගැනීම පිණිස කුමන ආකාරයකින් සටන්වැදිය යුතු ද යන්න විමසා බැලීමට දැන් කාලය එළැඹ ඇති බව මගේ විශ්වාසය යි. මේ ලිපිය ලියන්නේ එම කරුණු පෙරදැරි කරගෙන ය.
ඒකීය හා එක්සත් ශී‍්‍ර ලංකාවක් කෙරෙහි විවාදයක් පවතින...